Sunday 1 March 2015

ග්ලෝබල්ශ්‍රීලංකා ගැන ඔබට විස්තර ...



ග්ලෝබල්ශ්‍රීලංකා කියන්නේ අපේම ශ්‍රී ලාංකික මුහුණු පොතක්...

ලොව වටා යහළු යෙහෙළි නෑදෑ හිත මිතුරන් හමු වන්නට Facebook එක තියෙනවා නම් තමයි...
ඒත් Facebook එක අපේම දෙයක් නෙවේනෙ... ඒක කෝටිපති සුදු මහත්තුරු කෝටි ප්‍රකෝටි හම්බ කර ගන්නට අපිට දීල තියෙන තෑග්ගක් නේ. අපි ඒකට ගිහිල්ල එන හැම පාරම, අපිට නොදැනීම, මාර්ක් සකර්බර්ග් ඇතුළු සුපිරි සුදු පැලන්තියකගේ පසුම්බිය තර වෙනවා. අපිට විශේෂ වියදමක් යන්නේ නෑ, ඒත් එයාලට මුදල් ගලා එනවා.

එතකොට ග්ලෝබල්ශ්‍රීලංකා පරමාර්ථය?

අපේ පරමාර්ථය තමා, ලෝකේ වටේම (ලංකාවේ සහ පිට රට) වෙසෙන ශ්‍රී ලාංකිකයන් විතරක් එකතු වෙන අපේම Facebook එකක් හදන්න. ග්ලෝබල්ශ්‍රීලංකා එකේ ඉන්නේ අපේම ශ්‍රී ලාංකිකයන් විතරයි.
වෙන කිසිම රටක කෙනෙකුට ග්ලෝබල්ශ්‍රීලංකා එකේ එක දිනකට වඩා අපි ඉන්න ඉඩ ලබා දෙන්නේ නෑ.
ඔය අනෙක් වෙබ් අඩවි වල වගේ නා නා ප්‍රකාර වැඩක් නැති spam ලිපි පල කරන්නට අපේ ග්ලෝබල්ශ්‍රීලංකා එකේ ඉඩ නෑ. ඒ නිසා ඕනෑම වෙලාවක ග්ලෝබල්ශ්‍රීලංකා එකේ තියෙන්නේ අපේම ශ්‍රී ලාංකිකයෝ කියන කරන දේවල් විතරයි.

කවුද හැදුවේ?

ග්ලෝබල්ශ්‍රීලංකා නිර්මාතෘ කණ්ඩායම එංගලන්තයේ ලන්ඩන් නුවර ඉන්නේ. ලංකාවේ සහ සිංගප්පුරුවේ වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුත් මේකට සම්බන්ධයි. ග්ලෝබල්ශ්‍රීලංකා server පද්ධතිය එක්සත් ජනපදයේ සිටයි ක්‍රියාත්මක වෙන්නේ. මේ සඳහා මුදල් වියදම් ග්ලෝබල්ශ්‍රීලංකා නිර්මාතෘ කණ්ඩායම විසින්ම යොදනවා. එයාල ලක්ෂපතියෝ නෙවේ... මේ වැඩෙන් ලැබෙන තෘප්තිය ගැන හිතලයි එයාල මේ කට්ට කන්නේ.

මොනවාද ඇවිත් කරන්න පුළුවන්?

ඔයාල Facebook එකේ කරන දේවල් ඔක්කොම (Chat, Messages, Photos, Videos, Songs, Wall, Pokes, Likes, Comments, Birthdays, Pages, Groups, Photo battels) ග්ලෝබල්ශ්‍රීලංකා එකෙත් පුළුවන්.

ඊට වඩා බ්ලොග් (Blog), සාකච්චා (Forums), චන්ද විමසීම් (Polls), ප්‍රශ්න ඇසීම් (Quizzes) වගේ Facebook එකේ බැරි දේවලුත් ග්ලෝබල්ශ්‍රීලංකා එකේ පුළුවන්.

ඇවිත් බලන්න....


ග්ලෝබල්ශ්‍රීලංකා සමග එකතු වන්න කැමතිනම් මෙතැන click කරන්න
(කිසිම මුදල් අය කිරීමක් නැහැ. Facebook වගේම free.)

එකතු වන්න උදවු ඕනෑ නම් මේ වීඩියෝව බලන්න මෙතැන click කරන්න

ග්ලෝබල්ශ්‍රීලංකා ගැන තවත් දැනගන්න වීඩියෝ එකක් බලන්න ඕනෑ නම් මෙතැන click කරන්න
ඉංග්‍රීසියෙන් වීඩියෝව බලන්න ඕනෑ නම් මෙතැන click කරන්න


ග්ලෝබල්ශ්‍රීලංකා එකේ තියෙන දේවල් සමහරක් බලන්න එකතු වෙන්නම ඕනේ නෑ. මේ පහත පෙන්වා තියෙන මෙනියු (menu) අංග උඩ ක්ලික් (click) කරලා බලන්න.



හැබැයි අනිත් සාමාජිකයන් එක්ක කතා කරන්න හෝ යාලු වෙන්න නම් ග්ලෝබල්ශ්‍රීලංකා එකට එකතු වෙන්නම වෙනවා...

ග්ලෝබල්ශ්‍රීලංකා එකේ වරින් වර තෑගි තරඟත් පවත්වනවා. ඇවිත් තෑගි දිනපු අයගෙන් අහන්න මේ ගැන. මේ ලඟදි ටැබ්ලට් (Tablet) එකක්, ජංගම දුරකතනයක් (Mobile phone), අත් ඔරලෝසු වගේ දේවල් සාමාජිකයන් දිනා ගත්තා.

කියන නිසා ග්ලෝබල්ශ්‍රීලංකා එකට ඇවිත් බලන්න. මෙන්න ලින්ක් එක.

ඔබට ජය!

මෙන්න ග්ලෝබල්ශ්‍රීලංකා Twitter එක....follow කරන්න කැමතිනම් මෙතැන click කරන්න
මෙන්න ග්ලෝබල්ශ්‍රීලංකා Facebook එක....like කරන්න කැමතිනම් මෙතැන click කරන්න




Monday 4 February 2013

Welcome!


GlobalSriLanka
 Together again in a virtual world...

The website that brings all Sri Lankans living around the world, together.


To find out more...